මෙවර ජනාධිපතිවරණයේදි ගන්නා තීරණය රටේ මෙන්ම ජනතාවගේ අනාගතයටත් ජීවිතයටත් විශාල ලෙස බලපාන බව ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එසේම ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිවෙක්ට යටත් නොවන අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන ආණ්ඩුවක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා

ඔහු මේ අදහස් පළකලේ ඊයේ (05) දිනයේ යාපනේ පැවති ජන හමුවකට එක්වෙමින්

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක

“මේ 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් ඔබ තෝරගන්නේ රටටම අවශ්‍ය වන නායකත්වය . ඔබගේ ජීවිතයටත් ඔබගේ අනාගතයටත් මේ සැප්තැම්බර් 21 ගන්න තීරණය බලපානවා. ඔබ මීට කලින් ජන්දෙදි ගෝඨාභය රාජපක්ෂ පරාද කරන්න ජන්දය ලබාදීලා තිබුනා. ඒත් ඔහු පරාද වුණේ නෑ . 2015-19 ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වුණා. 2015 -19 වෙනකොට සජිත් ප්‍රේමදාස කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. උතුරට විතරක් නෙවේ දකුණට දීපු පොරොන්දුත් ඒ නායකයෝ කඩාවට්ටලා ජනතාව රවට්ටලා තියනවා. අපි නියෝජනය කරන පාර තමයි රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගෙන , රටේ නිෂ්පාදනය වැඩිකරන කරන පාර. ඔබ තෝරගන්නේ මොන පාරද ? මුළු රටේම අලුත් ඉල්ලීමක් තියනවා රටට වෙනසක් අවශ්‍යයි කියලා. වෙනදා හැමවෙලාවෙම උතුර කල්පනා කරා රාජපක්ෂලාගේ රෙජිමයට විරුද්ධව ජන්දය දෙන්න ඕන කියලා. මුළු රටටම අවශ්‍ය අලුත් වෙනසක් . ඒ වෙනස වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. මේ විද්වතුන්ට විශාල කාර්‍යභාරයක් කරන්න පුලුවන් යාපනය ප්‍රදේශයට. වෙනසට එරෙහිව එන කිසිම දෙයක් ඔබ අනුමත කරන්න එපා. එම තීන්දුව වැරදි බව ඔබේ ජනතාවට කියන්න. අපි දිනනවා .දකුණේ ලක්ශ ගණනකින් අපි දිනනවා.හැබැයි ජයග්‍රහණයේ කොටස්කරුවන් බවට යාපනෙත් පත්වෙන්න. තමන්ගේ මුහුදු සීමාවේ මාලු ඇල්ලීමේ අයිතිය අපි තහවුරු කරනවා. අපි කාටවත් යටත් වෙන ආණ්ඩුවක් නෙවේ. අපි ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා වලට කැමති ආණ්ඩුවක් . ඒත් අපේ කොටසේ අයිතිය අපට තිබිය යුතුයි.”