පෙබරවාරි 29 වනදා සිට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන විකිරණ යන්ත්‍රය අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

මේ සම්බන්ධයෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේ පිලිකා ආසාදිත කුඩා දරුවන් සඳහා භාවිතා කරන ලීනියර් ඇක්ස්ලරේටර් යන්ත්‍රය බිද වැටි ඇති බවත්, ඒ හේතුවෙන් දිනකට කුඩා දරුවන් 10 – 15 අතර ප්‍රමාණයක ප්‍රතිකාර කළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ පිළිකා රෝගියෙකුට පෞද්ගලික රෝහලකින් මෙම පිළිකා ප්‍රතිකාරක ලබා ගැනීමට රුපියල් ලක්ෂ 7ත් 17ත් අතර මුදලක් වැය කිරීමට සිදුවෙන බවයි.