ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබෙනවා.
එලෙස පත්කළ නව විනිසුරුවන් වන්නේ හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී ගොපල්ලව යි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.