ලෝ පතළ TIN TIN කාටුන් වැඩසටහනට සහ චිත්‍රපට වලට පදනම් වූ TIN TIN චිත්‍රකතා මාලාව ප්‍රකාශයට පත්කර 2023 ජනවාරි 10 වන දිනට අවුරුදු 95ක් සම්පූර්ණ වුණා. Hergé යන අන්වර්ථ නාමයෙන් හැදින්වුණු බෙල්ජියානු ජාතික Georges Remi නම් චිත්‍ර ශිල්පියා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කතා මාලාවේ පලමු වැන්න වන “Tintin in the Land of the Soviets” වන අතර, එය පළ කර ඇත්තේ 1929 ජනවාරි 10 දිනකයි.

 

ඒ අනුව, ජනවාරි 10 ලෝකය පුරා බාල, තරුණ, මහළු භේදයකින් තොරව බොහෝ දෙනා එකසේ ආදරය කරන TIN TIN සහ ඔහුගේ සුරතලා වන Snowi ගේ උපන්දිනය ලෙසයි සැලකෙන්නේ. 1907 දී උපත ලද Hergé 1983 වසරේදී මිය ගොස් ඇති අතර, TIN TIN ගේ වීර ක්‍රියා රසවිඳි බොහෝ දෙනාද අද ජීවතුන් අතර නොමැති වුවත්, TIN TIN රසික හදවත් තුළ අමරණීයව ජීවත් වනවා.