අද දහවල් 2.30ට පමණ අම්පාර සිට නීත්ත දක්වා ගමන්ගත් පාසැල් සිසුසැරිය බස් රථයක් සහ අක්කරපත්තුව සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු ලංගම බස් රථයක් අම්පාර, ඊ.සී.සී හන්දිය අසලදි මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ඉන් තුවාල ලැබූ පාසල් සිසුන් 25 දෙනෙකු ඇතුළු 33 දෙනෙකු රෝහල්ගත කළ බව වාර්තා වේ.

අනතුර සිදුවු අවස්ථාවේ දී අවට සිටි සිටි පිරිස් එක්ව තුවාලකරුවන් අම්පාර රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ බස්රථ රියදුරන් දෙදෙනාය.

අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද  හට ගෙන තිබූ අතර, මේ වනවිට මාර්ගය යථා තත්ත්වයට පත්ව ඇත.

දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද  වාර්තා වේ.