බැංගලෝර් සහ චෙන්නායි අතර තීරණාත්මක තරඟය චෙන්නායි ජය ගනිමින් Play Off වටයට සුදුසුකම් ලබාගැනීමට පෙරේදා(18) දින සමත් විය. ඒත් සමග ඔවුන් එය සැමරූ ආකාරය පිළිබඳව හිටපු ඉන්දීය ක්‍රීඩක මෙන්ම චෙන්නායි කණ්ඩායම හිටපු පිතිකරු අම්බති රයදු උපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

එහිදි ඔහු පවසා ඇත්තේ,
” රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම දැනටමත් තරඟාවලියේ ජයග්‍රහණය කර අවසන් වගේ හැසිරෙනවා.. අපි දැක්කා බැංගලෝර් වල වීදිවල ප්‍රතිචාරය කොහොමද කියලා..
මම හිතන්නෙ චෙන්නායි ඔවුන්ගේ කුසලාන පහෙන් එකක් බැංගලෝර් කණ්ඩායමට ලබාදිය හැකිනම් ඔවුන්ට එය රැගෙන බැංගලෝරය වටා ජය පෙළපාලි යාමට පුලුවන්.. “ යනුවෙනි.

එයට පිලිතුරු ලෙස රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමෙ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක වරුන් ආරොන් කියා ඇත්තේ,
“RCB විසින් CSK පරාජය කල බව ඔහුට දිරවා ගැනීමට නොහැකි වෙලා” යනුවෙනි.