ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑලිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර තිබෙනවා

2024.05.30 දින කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුලට අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙලෙස අධිකරණ නියෝග නිකුත් කර තිබෙනවා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (22) දින කරුණු වාර්තා කල අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කල බව වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුහසිංහ මහතා පවසා සිටියා