ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සමගාමීව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් Golden Ticket for India Icons නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහිදී ලෝක කුසලානය නැරඹීම සඳහා ඉන්දියාවේ ප්‍රභූන් සහ කීර්තිමත් පුද්ගලයින් වෙනුවෙන් රන් ටිකට්පත් ලබාදීම සිදු කර ඇත.

මෙම වැඩසටහන පළමු රන් ටිකට්පත ඉන්දීය සිනමාව වෙනුවෙන් දැවැන්ත සේවයක් සිදු කළ අමිතාබ් බච්චන්ටත්, දෙවැනි රන් ටිකට්පත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස හඳුන්වන සචින් ටෙන්ඩුල්කාර්ටත් පිරිනමා තිබේ.