අද (13) පස්වරු 8.30ට ඩබ්ලින් හිදී සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 07කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.