සංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනී විසින් දරන අතර එයට හේතුව කණ්ඩායමේ නිත්‍ය නායක චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

කෙසෙ නමුත් අයර්ලන්තයට එරෙහි තරගාවලියට පන්දුවාර 20යි 20 තරග 2ක් ඇතුළත් වන අතර අයර්ලන්තයේ ඩබ්ලින්හිදි පැවැත්වෙන අද තරඟය, මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතයි.