අයවැයට එරෙහිව විරෝධතාවයක් එළබෙන 18 වන සෙනසුරාදා පස්වරු 04 ට පමණ කොළඹදි පැවැත්වීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට පියවර ගෙන නොමැති බව සදහන් කරමින් මෙම විරෝධතාවය කැදවා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණය කිරීම ඇතුළු කවත් කරුණු රැසකට එරෙහිව ද ඔවුන් මෙහිදී විරෝධය පළකිරීමට නියමිත බව සදහන් වේ.