මෙවර අයවැයෙන් ආදිවාසී ජනතාව ගැන කිසිදු අවධානයක් යොමු නොකිරීම ගැන කණගාටු වන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ
මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර ඇත.

පසුගිය රජය මගින් ආදිවාසී ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු අයවැයෙන් මදුල්ල ප්‍රතිපාදනයක් ලබාදුන් නමුත් පසුගිය වසර කීපය තුළ එම ප්‍රතිපාදනවලට සිදුවූයේ කුමක්ද කියා නොදන්නා බවයි ඔහු පවසා තිබේ.

අප රටේ දිස්ත්‍රික්ක 6ක ආදිවාසී ජනතාව ලක්ෂ 05ක් පමණ ජිවත් වන බව ද ඔහු පෙන්වා දී තිබේ.

එම ගම්මානවල ඇති ප්‍රශ්න විසඳා ගැනීමට සහ ආදිවාසීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට, සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහන්වලට වැය කිරීමට කිසියම් ප්‍රතිපාදනයක් ලබාදෙන ලෙස වන්නිලැත්තෝ වැඩිදුරටත් පවසා ඇත.