අයවැයෙන් 2024 සඳහා එක් ධීවරයෙක් වෙනුවෙන්  වෙන් කර ඇත්තේ රුපියල් 5 ක් පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා ඇත

නමුත් හිටපු ජනාධිපතිවරුන් හතර දෙනා නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 11ක් වෙන් වෙන්කර තිබෙන බව අද (11) අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

මෙය සාධාරණ හෝ යුක්ති සහගත නොවන බවත් මෙවැනි ක්‍රියා මඟින් ධීවර කර්මාන්තය නගා සිටුවිමට නොහැකි බවත්  මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.