හිමිකරුවෙකු නොමැතිව දීර්ඝ කාලයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් විසින් අද රැගෙන ගොස් තිබෙනවා.

පසුගිය මැයි 29 වැනි දින සිට කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රථ ගාල තුළ මෙම මෝටර් රථය දමා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පරීක්ෂණ වලදි අනාවරණය වුණේ මෙම මෝටර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට අයිති බවයි

එමෙන්ම මෙම මෝටර් රථය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අවශ්‍ය කරන මෝටර් රථයක් බවත් අනාවරණය වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඇල්පිය අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ මෙම මෝටර් රථය රැගෙන ගොස් තිබෙනවා.