මේ රට වැඩපිළිවෙළක් සමග ඉදිරියට යනවිට 2015 වර්ෂයේදි කුමන්ත්‍රණකාරිව බලය උදුරගත් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

එසේම යුද්ධය අවසන් වුවද එහි වාඩුව ගැනීමට පිරිසක් බලාසිටින බවත් , අරගලය මේ රටට නැවතත් කළු දේශපාලනයක් ගෙන ආ බවත් ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියක් අමතමින් එතුමා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා

“මුළු රටම එදා වැඩපිළිවෙළක් විදිහට ඉස්සරහට යනකොට 2015දී කුමන්ත්‍රණයකින් අපේ බලය උදුරගත්තා . ඒ කුමන්ත්‍රණය අද වෙනකොටත් අවසන් වෙලා නෑ .යුද්ධය අවසන් උණාම සාමය අගයන ජනතාව සතුටු උණාට අදටත් එහි වාඩුව ගන්න පිරිසක් බලාන ඉන්නවා .අපි ඒක දන්නවා . තාම සමහර රණවිරුවන්ට රටකට ගිහිල්ලා එන්න වීසා එකක් දෙන්නෙ නෑ .මේක තමයි ඇත්ත .2005 ඉදන් 2014 වෙනකම් අපි ගත්ත ණය වගේ හතර ගුණයක් යහපාලන ආණ්ඩුව අරගෙන තියනවා. ඒ ණය ගෙව්වෙත් නෑ. අලුතෙන් එක ව්‍යාපෘතියක් ගෙනාවෙත් නෑ.අන්තිමේ නැවත රට ත්‍රස්ත්‍රවාදි අනතුරකට ගෙනල්ලා අතහැරලා දැම්මා. එදා යහපාලන ආණ්ඩුවේ මුක්කු ගහපු අය අද ජනාධිපති අපේක්ෂකයා විදිහට ඇවිල්ලා තියනවා.ආපහු රට ඉල්ලනවා .මේ අය කවුරු ආවත් දන්න කෙනෙක් න්ම් චන්දේ දෙන්නේ නෑ කියලයි මම නම් විශ්වාස කරන්නේ .එදා යහපාලන ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න කියලා. අද එන්නෙත් හොරු අල්ලන්න කියලා .අන්තිමේදි මේ අය නටපු තොයිලෙකුත් නෑ නැටුමකුත් නෑ ඒක තමයි ඇත්ත . සමහර විට ආයෙත් මේ අය ආවොත් රටේ පලුවකුත් නැති වෙන්න පුලුවන් .මේ අය එහෙම කරන්න බැරි අය නෙවේ. අරගලේ කියලා එකක් ආවා . ඇත්ත මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට වඩා ඒකෙදි කුමන්ත්‍රණකරුවෝ ඉස්සරවුණා.එදා අපි අඩියක් පස්සට ගත්තේ නැත්තම් මේ රට බංගලාදේශයක් වෙන්න ඉඩ තිබුණා.යුද්ධ කරන්න අණදීපු නායකයෝ ඉදලත් අපි එක වෙඩි උණ්ඩයක් එක සාමාන්‍ය මනුස්සයෙක්ට තියන්න කියලා අණ දුන්නේ නෑ. ඒකයි ගෝඨාභය එදා කරේ . අපේ මන්ත්‍රීවරයෙක් මහමග මරලා දැම්මා.ගෙවල් පිච්චුවා.ඒ ආය ආපහු මේ රටට කළු දේශපාලනයක් ගෙනාවා. ඒ අයගේ දේශපාලන ආපහු මේ රටට අවශ්‍යද කියලා මම ඔබගෙන් අහනවා.”