අද (07) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා

නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පල කළා

” අපි අනිවාර්‍යෙන්ම ජයග්‍රහණය කරනවා . අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් .ඉතින් අපි දීලා තියනවා. තරුණයෝ ටික තරුණ නායකයා එක්ක යන්න ඕන , උදව් කරන්න ඕන එයාලගේ වගකීම ඒක .”

පොහොට්ටුව හැර ගිය පිරිස ගැන මාධ්‍යවේදියෙක් විමසු පැනයට මහින්ද රාජපක්ෂ දැක්වූයේ මෙවන් අදහසක්

“කණගාටුයි ඉතින් . දේශපාලනේ හැටි එහෙමනේ කට්ටිය එනවා යනවා. ඔක්කෝටම ආපහු එක්කහුවෙන්න කියලා ආරාධනා කරනවා”