අද (07) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර ජනපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා

ජනපති අපේක්ෂයා ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මාධ්‍ය වෙත අදහස් පල කළා

“මේ රටේ අවුරුදු 38ක තරුණයෙක්ට ඉතිහාසයේ පළවෙනි වතාවට නායකත්වය ගන්න අවස්ථාව ලැබුණේ. තරුණ‍යෙක්ට අපේක්ෂකත්වයවත් ඉතිහාසයේ ලැබුණේ නෑ. මේ රට අපිට භාර දෙන්න, තරුණයන්ට භාරදෙන්න . මේක තරුණයෝ බහුතරයක් ඉන්න ඉතාම පිරිසිදු පක්ෂයක් . අරගලේ නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාම යෝජනා ගන්න . පිරිසිදු කරපු පක්ෂයක් එක්ක ,තරුණ නායකයෙක් එක්ක ගමන යන්න සූදානම් . ගෝඨාභය රාජපක්ෂයි, නාමල් රාජපක්ෂයි කියන්නෙ දෙන්නෙක් .ගෝඨාභය රාජපක්ෂට වඩා තරුණ සිතුවිලි තියන නායකයෙක් තමයි නාමල් රාජපක්ෂ . ගෝඨාභය රාජපක්ෂට වැරදුනු අත්දැකීම් නාමල් ළග තියනවා . මේක ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන දුක්වෙන කාලයක් නෙවෙයි “