අරණායක පදිංචිකරුවකු වන සිංහලගේ මහේෂ් ප්‍රේමතිලක නැමැත්තා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවරස තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, මෙම පුද්ගලයාට ණය ගිවිසුම්/ පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීම සිදුනොකළ යුතු බව සහ ඔහු විසින් ලබාගෙන ඇති සියලුම තැන්පතු වගකීම් ආපසු ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විධාන කර ඇත.