​ඇල්පිටිය, පතිරාජ මාවතේ පදිංචිව සිටි  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා  ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා

ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගත් බව සදහන්