69 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේ ජයග්‍රාහකයින් අද පස්වරුවේ නිවේදනය කරනු ලැබුවා. මෙහිදී 2021 වසරේ තිරගත කරන ලද චිත්‍රපට ඇගයීමට ලක් කරන ලද අතර, ඒ අනුව Pushpa : The rise චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනප්‍රිය තෙළිඟු චිත්‍රපට නළු අල්ලු අර්ජුන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගෙන තිබෙනවා. තෙළිඟු චිත්‍රපට නළුවකු විසින් මෙම සම්මානය දිනා ගෙන ඇත්තේ පළමු වරට බවයි වාර්තා වන්නේ.

හොඳම නිළිය සම්මානය Gangubhai Kathiawadi චිත්‍රපටය වෙනුවෙන් ආලියා භාත් සහ Mimi චිත්‍රපටය වෙනුවෙන් ක්‍රිටි සැනන් යන ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියන් අතර බෙදී ගොස් තිබෙනවා. හොඳම චිත්‍රපටය ලෙස R, මාධවන් අධ්‍යක්ෂණය කළ Rocketry: The Nambi effect සම්මානයට පාත්‍ර වී ඇති අතර, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Godavari චිත්‍රපටය සඳහා නිකිල් මහජන් විසින් දිනාගනු ලැබුවා.

වසරේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත්තේ R. රාජ්මෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද RRR චිත්‍රපටයයි.