නව පොලිස්පතිවරයකු පත්කර ගැනීමට අදාළව අද(27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධුරයට පත්කිරීමට එරෙහිව කතෝලික පල්ලිය සහ ශ්‍රී නීතිඥ ඇතුළු පාර්ශව රැසක් විරෝධය ඇත.

කෙසේවෙතත්, අද දිනයේ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය 24 වැනිදා විශ්‍රාම ගියේ ය.

පොලිස්පතිවරයාගේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වැනිදා ය.

ජනාධිපතිවරයා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබාදෙන ලදී.