ශ්රී ලංකා සහ දකුණු අප්රිකාවට අතර දෙවන සහ අවසාන ටෙස්ට් තරගයේ ජයග්රහණය ලකුණු 109කින් හිමිකර ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.
කාසියේ වාසියේ දිනූ දකුණු අප්රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.
එහිදී Ryan Rickelton ලකුණු 101ක් සහ Kyle Verreynne නොදැවී ලකුණු 105ක් රැස්කර ගනු ලැබූ අතර පළමු ඉනිම සඳහා පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 04ක් සහ අසිත ප්රනාන්දු කඩුලු 03ක් බිඳ හෙළනු ලැබීය.
පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 328ක් පමණි.
එහිදී පැතුම් නිස්සංක ලකුණු 89ක් ලබාගත් අතර පන්දු යැවීමේදී දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් Dane Paterson කඩුලු 05ක් දවා ගත්තේය.
දෙවෙනි ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකානු කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 317ක් ලබා ගත් අතර එහිදී දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් Temba Bavuma ලකුණු 66ක් ලබා ගත්තේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්රභාත් ජයසූරිය කඩුලු 05ක් දවා ගන්නා ලදී.
ලකුණ 348ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 238ක් පමණි.
ඒ අනුව දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 109කින් මෙම තරගයේ ජයග්රහණය තමන් සතුකර ගත් අතර තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඔවුන්ට හැකි විය.