රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සඳහා නල්ලතන්නියේ  ඊයේ (03දා) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසා ඇත්තේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය එළබෙන  වෙසක් පොහෝ දිනෙන් අවසන් වීමෙන් පසු, අවාරයේ (දෙසැම්බර් පොහොය දක්වා) ශ්‍රී පාදය කරුණා කිරීම සඳහා විදේශීය සංචාරකයන්ට පමණක් අවසර දීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව විදේශිකයන් හැර වෙනත් කිසිවකුට අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර නොලැබෙනු ඇත.

අවාරයේ ශ්‍රී පාදයේ සංචාරය සදහා පැමිණෙන මෙරට පුද්ගලයන් පුදබිමට සහ අවට පරිසරයට සිදුකරන හානිය සැලකිල්ල ගෙන මෙම තහනම ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.