මෙක්සිකන් කොන්ග්‍රස් රැස්වීමකදී අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ යැයි සැල වෙන මමියක් ප්‍රදර්ශනය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මෙම සිදුවීම සජීවිව මාධ්‍ය හරහා නිකුත් කර ඇති අතර Jaime Maussan නම් මාධ්‍යයවේදියෙ​ක් සහ මෙක්සිකානු විද්‍යාඥයන් පිරිසක් මෙම කොන්ග්‍රස් රැස්වීමට අදහස් දක්වමින් මෙම තොරතුරු නිරාවරණය කර ඇත.

මෙම පිරිස අතර Ryan Graves නම් US Navy ගුවන් නියමුවෙක් (Executive Director of Americans for Safe Aerospace) ද සිටි අතර, ඔහුද අදහස් දක්වා ඇති බව වාර්තා වේ.

මෙම නිදර්ශක මෑතකදී මෙක්සිකෝවේ ස්වජාතික විශ්ව විද්‍යාලයේදී (UNAM) අධ්‍යයනය කළ බවත්, එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය සහ DNA සාක්ෂි විශ්ලේෂණය කළ බවත් සඳහන් වේ.

තව​ද මේවා පෘථිවියේ ජීවයේ පරිණාමයට අයත් නොවන බවත්, ඒවගේම මේවා UFO සුන්බුන් වලින් හමු වූ ජීවීන් නොවන බවත් ඒවා ඇල්ගී පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පසුව පොසිල කරන ලද බවත් Maussan විසින් මෙම හමුවේ දී පවසා ඇත.