කතානායක අශෝක රන්වල විසින් තමන්ට මොරටුව විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය නොමැති බවට factcrescendo ආයතනය විසින් කල සොයා බැලිමකදි පිලිගෙන ඇත.
කතානායකවරයාගෙ ආචාර්ය උපාධිය පිලිබඳ මේ වන විට සමාජ මාධ්‍යය තුලත් සමාජයෙත් දැඩි කතාබහක් මේ වන විට නිර්මාණය වී ඇත. එහිදී ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව නම් ඔහුට ඇති ආචාර්ය උපාධිය බොරුවක් බවයි.
මේ පිලිබඳ කරුණු සොයා බැලිමකදි factcrescendo ආයතනය විසින් ජපානයෙ වසේඩා විශ්ව විද්‍යාලයෙ වෙබ් අඩවිය තුළ මෙන්ම Google Scholar ඇතුළු බොහෝ පිළිගත් පරියේෂණ පත්‍රිකා ඇතුළත් (ආචාර්ය උපාධියක් ලබාගැනීමේ දී ඉදිරිපත් කෙරෙන ) වෙබ් අඩවි කිහිපයක ද අශෝක සපුමල් රංවලගේ නම පරික්ෂා කළ ද ඒ පිළිබඳව නිසි තොරතුරක් ලැබී නැත.
කෙසේ වෙතත් ඔවුන් විසින් මෙම උපාධි ප්රශ්නය පිලිබඳ කතානායක අශෝක රන්වලගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධියක් තිබෙන බවට දක්වා තිබෙන තොරතුරු අසත්‍ය බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් නැවත විමසීමේදී කතානායකවරයා පවසා ඇත්තේ තමාට ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති බවත්, නමුත් මොරටු විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති බවට තමන් ප්‍රකාශ නොකළ බවත් ය.
ඔවුන් වාර්තා කරන පරිදි බොහෝ විශ්ව විද්‍යාල මගින් ආචාර්ය උපාධි අපේක්ෂකයෙකු ලෙස සලකා බැලීමට නම්, යෝජිත පර්යේෂණ මාතෘකාවට අදාළ උපාධියක් (උපාධි හෝ පශ්චාත් උපාධි) සම්පූර්ණ කර තිබිය යුතු අතර අදාළ විශ්වවිද්‍යාලය විසින් අනුමත කර තිබිය යුතුය.
මෙසේ පශ්චාත් උපාධියක් හෝ අවම වශයෙන් මුලික උපාධියක්වත් සම්පුර්ණ කර තිබීම නිර්දේශ කළද, ඇතැම් විශ්වවිද්‍යාල මගින් උපාධියක් නොමැතිව හෝ ආචාර්ය උපාධියක් ලබා ගැනීමේ අවස්ථා ද සලසා දී තිබෙන අතර, එසේ සිදුවන අවස්ථා ඉතා විරල වේ.