අස්වැසුම වැඩසටහන පිළිබදව සොයා බැලීම සඳහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ, පෝලිමේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා

අද උදෑසන මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, නමුණුකුල ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකු බවයි සඳහ්න් වන්නෙ.

මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවන අතර අද දිනයේ දිවයින පුරා රාජ්‍ය බැංකු රැසක දිගු පෝලිම් දක්නට ලැබෙන බවත් වාර්තා වෙනවා.