“කිසිදු ආකාරයක අසූචි පොහොර කියලා එකක් නැහැ” යැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසා ඇත.

‘ස්ථාවර රටකට – සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙසේ සඳහන් කර තිබේ.

අසූචි පොහොර මැයෙන් කිසිවක් නොමැති බවත්, එවන් යමක් කිසිදු ආකාරයකට ආනයනය සිදුකර නොමැති බවත් චීන අසූචි පොහොර  සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පවසා ඇත.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  දිගින් දිගටම මතු කරන අසූචි පොහොර ගැටලුව ගැන ද මෙහිදී අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

අමාත්‍යවරයා පැවසුවේ, අසූචි පොහොර යනුවෙන් කිසිවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු ලේඛනයක සඳහන්ව නොමැති අතර එය හුදෙක් පදනමක් නැති ප්‍රකාශයක් පමණක් බවය.