අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 281ක ඉලක්කයක් හිමිව තිබේ.

එම ඉලක්කය හඹා යන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිව් වැනි දිනය සඳහා ඊයේ තරගය නතර කරනවිට කඩුලු 03ක් දැවී ලකුණු 107ක් රැස් කරගෙන සිටියේය. ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් ලකුණු 174ක් ලබාගත යුතුයි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවූ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 386ක් පමණි.

ලකුණු 07ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 273ක් රැස්කළ අතර, ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 281ක ඉලක්කයක් හිමි විය. අද තරගයේ අවසන් දිනයයි.