අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව ජනතාවගේ පිළිකුල ජනාධිපතිවරයාට දැන්වීම සඳහා මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔහු පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය ගැන පර්යේෂණ වාර්තාවකින් චූදිතයින් ලෙස නම්කර සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් නොකිරීම හේතුවෙන් ආණ්ඩුව පළමු මාසය තුළම නීතිය අයුතු ලෙස භාවිත කර ඇති බවයි.