රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස ඉදිරි රාජකාරි කටයුතුවලදී යොදා ගන්නා මෙන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.
මීට පෙර චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය සමග වන අතර එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේද මහාචාර්ය චන්දන අබයරත්න ලෙසයි.
කෙසෙ නමුත් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ දින (16) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසයි.