ආදිවාසි ජනතාවට වෙනුවෙන් විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ආදිවාසි ජනතාව හට වනාන්තර වලට ඇතුළු වී වනයේ සම්පත්වලින් බාධාවකින් තොරව ජීවිකාව ගෙනයෑම පහසු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව සදහන්

දඹාන සහ රතුගල ආදිවාසීන්ට මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හැඳුනුම්පත් ලැබෙන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

ඒ රතුගල වැදි නායක සුදාවන්නිල ඇත්තෝ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමකට පිළිතුරු දෙමින්

ප්‍රජා නායකයා විසින් නිර්දේශ කරනු ලබන පුද්ගලයන්ට පමණක් මෙම විශේෂ හැඳුනුම්පත් හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා