ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 100ක බද්දක් අය කිරීමට නියමිත බව වාර්තා වේ.

ආනයනික කිරිපිටි සඳහා රේගු ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කිරීමත් සමඟ මෙය තීරණය කර ඇත.

ඊයේ (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදුකර තබේ.

නැවත දැනුම්දෙන තුරු මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා සියයට 20ක හෝ රුපියල් 225ක රේගු ආනයනික බද්දක් පනවා තිබු අතර පසුගිය කාලයේ එය ඉවත් කිරීමට පියවර ගැනිණි.

බදු ඉහළ දැමීමක් සිදුවුවද කිරිපිටි මිලෙහි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසා ඇත.