ආසියානු කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නිල වශයෙන් නම් කරනු ලැබීය. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා සංචිතය

1) දසුන් ශානක – නායක
2) පැතුම් නිස්සංක
3) දිමුත් කරුණාරත්න
4) කුසල් ජනිත් පෙරේරා
5) කුසල් මෙන්ඩිස් – උප නායක
6) චරිත් අසලංක
7) ධනංජය ද සිල්වා
8) සධීර සමරවික්‍රම
9) මහීෂ් තීක්ෂණ
10) දුනිත් වෙල්ලාලගේ
11) මතීෂ පතිරණ
12) කසුන් රාජිත
13) දුෂාන් හේමන්ත
14) බිනුර ප්‍රනාන්දු
15) ප්‍රමෝද් මධුෂාන්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වේ. ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය බංග්ලාදේශය සමගින් අනිද්දා (31) පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.