ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන තරගවල තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව සුපිරි කණඩායම් 04 වටයේ තරග පැවැත්වෙන සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල තරග සඳහා ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට මිලදීගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේය.