ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගය අද පස්වරු 03.00ට මහනුවර – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ආසියානු කුසලානය තරගාවලිය යටතේ පැවැති පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 238කින් පරාජයට පත් විය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. මේ හේතුවෙන් අද තරගය ජය ගන්නා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය.

ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවැත්වෙන 05වැනි තරගය මෙයයි.