ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සහ අවසන් මහා තරගය සඳහා පමණක් අමතර දිනයක් වෙන් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව අනිද්දා පැවැත්වෙන ඉන්දියා – පකිස්තාන තරගයට වර්ශාවෙන් බාධා පැමිණියහොත්, එම තරගයේ ඉතිරි කොටස සැප්තැම්බර් 11වැනිදා ක්‍රීඩා කිරීමට නිමිතය. එමෙන්ම සැප්තැම්බර් 17වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයටද අමතර දිනයක් වෙන් කර තිබේ.