වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

15දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධනට හිමිව තිබේ. උප නායකත්වය හිමිව ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපතිටයි.

තරගාවලිය දෙසැම්බර් 08වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.