ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග ටිකට්පත්වල මිල ගණන් පහත දමා තිබේ. ඒ අනුව ‘ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ්’ (V-VIP) ටිකට්පතක් ඇමෙරිකානු ඩොලර් 125ක් හෙවත් රු. 40,000ක මුදලකටත්, ‘A’ UPPER LEVEL (VIP) ටිකට්පතක් ඩොලර් 35ක් හෙවත් රු. 11,200ක මුදලකටත් මිලදී ගත හැකිය.

‘B’UPPER LEVEL (VIP) ටිකට්පතක් ඩොලර් 25ක් හෙවත් රු. 8,000ක මුදලකටත්, ‘A’හා’B’ LOWER LEVEL (First Class) ටිකට්පතක් ඩොලර් 20ක් හෙවත් රු. 6,400ක මුදලකටත් මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත.. ‘C’ හා ‘D’ UPPER LEVEL (Premium) ටිකට්පතක් ඩොලර් 05ක් හෙවත් රු. 1,600ක මුදලකට මිලදී ගත හැකිය. එමෙන්ම ‘C’ හා ‘D’ LOWER LEVEL (General) ටිකට්පතක් ඩොලර් 02ක් හෙවත් රු. 640ක මුදලකට මිලදීගත හැක බව නිවේදනය කර තිබේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 17වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.