ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එම මුදල ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස් වශයෙන් ලැබීමට නියමිත බව එහි සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් පසුව එම මුදල ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ද සඳහන් කර තිබේ.

දෙවැනි වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයක් ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව ලබන 12 වැනි දා රැස්වේ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ කොන්දේසි සපුරාලීමේ ප්‍රගතිය පිළිබඳ එහි නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවය.