ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට තීරණය කර ඇත.

මේ බව ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) මුල්වරට නිවේදනය කරනු ලැබීය.

මෙම තීරණය ගෙන තිබෙන්නේ iphone අලවියේ වර්ධනයක් අපේක්ෂා කරමින් බව වාර්තා වන අතර ඒ අනුව ලොව පුරා ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බව ඇපල් සමාගම නිවේදනය කරයි.

එම යෙදුම iphone සඳහා අන්තර්ගත කිරීම මෙම වසර අග දී සිදුවනු ඇති අතර එමෙන්ම හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි “සිරි” (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බවද සඳහන් වේ.