තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ පවසා ඇත.

ජනාධිපතිවරයා විසින් තමාව කැඳවා එසේ නොකළ හොත් ක්‍රීඩා නීතිය ජනාධිපතිවරයා යටතට ගන්නා බවට ප්‍රකාශ කළ බව අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව තමන් විසින් පත් කළ කමිටුව ඉවත් නොකරන බවත් ක්‍රීඩා නීතිය නොව තමාව ඉවත් කර තීන්දුවක් ගන්නා ලෙස එහිදී තමන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.