සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව තෙවන දිනයටත් අද විවාදයට ගැනීමට නියමිතව ඇත.

අද විවාදයෙන් පසු පස්වරුවේ ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වනුයේ.

පාර්ලිමේන්තුව මේ වන වි​ට රැස්ව ඇ​ති අතර ඊයෙ දිනයේත් විශ්වාසභංගය​ට පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අදහස් රැසක් පල කලේය.