ඇමරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා

පසුගිය ජූලි 13 වැනිදා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ගත් උත්සාහය වැළැක්වීමට ඇමරිකානු බුද්ධි සේවා අසමත්වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඇය මෙලෙස ඉල්ලා අස්වී තිබෙනවා

එම සිදුවීම සම්බන්ධයෙන් ඇය පසුගියදා ඇමරිකානු කොංග්‍රසය හමුවේ සාක්ෂි ලබාදුන් අතර එහිදී නීති සම්පාදකයින් යොමුකළ ප්‍රශ්න හමුවේ ඇය නිරුත්තර වී තිබෙනවා

ඒ හේතුවෙන් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ නීති සම්පාදකයින් අවධාරණය කළේ, ඇය වහා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි

ඒ අනුව ආරක්ෂාවේ පැවති සිදුරු සම්බන්ධයෙන් වගකීම භාරගෙන තමන් ඉල්ලා අස්වන බව Kimberly Cheatle තම ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙමින් දන්වා සිටියා