සාපරාධී ක්‍රියා තුනකට අදාළව එල්ල වූ චෝදනා වලට  ඇමරිකානු ජනපති ජෝ බයිඩ​න් පුත් හන්ටර් බයිඩ්න්ව වරදකරු බවට පත්ව තිබෙනවා

ඇමරිකාවේ ඩෙලවෙයා අධිකරණය මගින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා

2018 වර්ෂයේදී අත් තුවක්කුවක් මිලදී ගැනීමේ පෝරමයක ඔහුගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බොරු කීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට මෙලෙස ඔහු වරදකරු වූ අතර ඔහු සිරගත වීමට ඉඩ ඇති බව සඳහන්.

සතියක් පුරා පැවති නඩු විභාගයකින් පසු, 12- පුද්ගල ජූරි සභාව විසින් හනටර් බයිඩ්න්ව වරදකරු ලෙස තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පියා ​ඇමෙරිකානු ජනපති ධූරය හොබවන අවස්ථාවේදී අපරාධ වරදකට වරදකරුවූ පළමු ​ඇමෙරිකානු ජනපති පුත්‍රයා ලෙස 54 හැවිරිදි හන්ටර් බයිඩ්න් ඉතිහාසගත වනවා.

කෙසේ වෙතත් තම පුත්‍රයාව වැරදිකරු කිරීමට ජූරි සභාව ගත් තීරණයට ගරු කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති අතරම හන්ටර් බයිඩ්න් අභියාචනයක් සලකා බලන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනපති ජෝ බයිඩ්න් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති බයිඩ්න් ලබන නොවැම්බර් මාසයේදී නැවත තේරී පත්වීම සඳහා ජනපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන අතර, ඔහුගේ මැතිවරණ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝර්ක්හි අධිකරණය අපරාධයකට වරදකරු කර සති දෙකකට අඩු කාලයකදී හන්ටර් බයිඩ්න්ව ජූරි සභාවක් විසින් වැරදිකරු කරනු ලැබීම විශේෂත්වයක්.