ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය නව අගමැති කියර් ස්ටාමර් අතර හමුවක් ඇමරිකානු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සිදුව තිබෙනවා.

මෙම හමුවේදි බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සබඳතා නව මාවතකට රැගෙන යා යුතු බවට නව අගමැතිවරයා පවසා තිබෙනවා

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද සබඳතා, යුක්‍රේනයේ, සහ ගාසා තීරයේ ගැටුම් සහ යුරෝ 2024 අවසන් පූර්ව වටයේ දී එංගලන්තයේ පාපන්දු ජයග්‍රහණය පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව අතර ආරක්ෂක ගිවිසුම ගැන සඳහන් කරමින් , යුරෝපීය සගයන් සමඟ සමීප සබඳතා ගොඩනගා ගැනීමට කටයුතු කරන බවත් අගමැති කයර් ස්ටාමර් එහිදී පවසා තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයාගේ අභිලාශයන් සාදරයෙන් පිළිගන්නා බව පවසා තිබෙනවා