ඉතියෝපියාව පුරා ආහාර ආධාර බෙදා හැරීම අත්හිටුවා මාස හයකට පසු දෙසැම්බර් මාසයේදී එය නැවත ආරම්භ කරන බව එක්සත් ජනපදය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (USAid) පැවසුවේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණ මගින් ආහාර සැපයුම් වඩාත් අවශ්‍ය අයට ළඟා වන බව සහතික කරන බවය.

ගැටුම් සහ දරුණු කාලගුණික බලපෑම් හේතුවෙන් මිලියන ගණනක් ඉතියෝපියානුවන් ආහාර හිඟයකට මුහුණ දී ඇත.

එක්සත් ජනපදය ජූනි මාසයේදී ආධාර ලබාදීම නවතා දැමූ අතර පසුව කඳවුරුවල සිටින සරණාගතයින් සඳහා සීමිත ප්‍රමාණයක් ලබාදීම ආරම්භ කරනු ලැබිය.