එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සඳහා රිපබ්රිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 08ක් සහ ඩිමොකටික් පක්ෂයේ මන්ත්‍රීවරුවන් 208 දෙනෙකු ඡන්දය භාවිත කර ඇත.

ඒ අනුව ඡන්ද 216ට 210ක් වශයෙන් කථානායක කෙවින් මැකාති විශ්වාසභංගයකින් පරාජය වීම හේතුවෙන් එම ධුරයෙන් ඔහු නෙරපා හැර තිබේ.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයෙකු මෙලෙස ඉවත් කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ධුරයෙන් නෙරපූ කෙවින් මැකාති සභාව අමතමින් පවසා ඇත්තේ, තමා නැවත කථානායක ධුරයට තරග කිරීමට අදහස් නොකරන බවය.