ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා .

ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපලින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා

ඇමරිකාවේ ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන්.