ගාසා හී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් ඇමරිකාව විසින් කටාර් හි දින දෙකක සාකච්ඡා වටයක් පත්වා තිබු අතර එහිදි ඇමරිකාව ගෙනා සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මාස 10කට අධික කාලයක් පවතින යුද්ධමය තත්ත්වය පාලනය කිරීමේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් මෙම සාකච්ඡා සඳහා එක්ව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉදිරි සති අන්තයේ දී නැවත වරක් සාකච්ඡාවක් සඳහා ඊශ්‍රායලයට යෑමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.