ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා

ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

වෙඩිතැබීම සිදුකළ එම පාසලේම 14 හැවිරිදි පාසල් සිසුවා එරට ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සැකකරු කුමන හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

මෙය මෙම වසර තුළ එරට පාසල් තුළ සිදුකළ 23 වැනි වෙඩිතැබීම වෙයි.

එම වෙඩි තැබීම් හේතුවෙන් 11 දෙනෙක් මියගොස් 38 දෙනෙක් තුවාල ලබා තිබුණි.